දුම්රිය මැදිරි පිරිසිදු කිරීම් පෞද්ගලික අංශයට?

දුම්රිය මැදිරි පිරිසිදු කිරීම් පෞද්ගලික අංශයට?

මාලිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය මැදිරි පිරිසිදු කිරීමේ කටයුතු වැඩි මුදලකට පෞද්ගලික අංශයට ලබාදීමට බලධාරීන් සැලසුම් කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි.

මීට පෙර අදාළ පිරිසිදු කිරීමේ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විසින් සිදු කළ බව එහි ලේකම් සම්පත් රාජිත මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ටෙන්ඩර් කැඳවීමේදී එම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා ලක්ෂ 30කට ඉල්ලුම් කළ ගැනුම්කරු ප්‍රතික්ෂේප කරමින් ලක්ෂ 93ක ගැනුම්කරුවෙකුට ටෙන්ඩරය ලබාදීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment