ලෝක තෙල් මිල ඉහලට

පසුගිය වසරේ මුල්භාගයෙන් අනතුරුව ලොව ඛනිජ තෙල් මිල ඉහලගොස් ඇති බව නවතම වාර්තා පෙන්වා දෙනවා.

පසුගියදා පැවති ඔපෙක් සංවිධානයේ ප්‍රධාන සමුළුවෙන් අනතුරුව ගනු ලැබූ තීරණය මෙයට හේතු වන්නට ඇති බවයි ලෝක විචාරකයින් අදහස් පල කරන්නේ. 2017 වසරේ සිට ලෝකයට සපයනු ලබන බොරතෙල් ප්‍රමාණය සීමා කිරීමට ලොව බොරතෙල් සපයන ප්‍රධාන රටවල් ඔපෙක් සමුළුවේදී තීරණය කරනු ලැබුවා.

ඒ අනුව පසුගිය නොවැම්බර් මාසයේ සිට සැපයු මට්ටමට වඩා යම් ප්‍රමාණයක් බොරතෙල් සැපයීම අවම කිරීමට එම රටවල් පියවර ගත්තා. මේ හේතුවෙන් සමස්තයක් ලෙස ලොව ඛනිජ තෙල් මිල විශාල මට්ටමකින් ඉහළ ගොස් ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

එම ගිවිසුමත් සමඟ බොරතෙල් බැරලයක මිළ ඩොලර් පනස් හයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මේ අතර එම සංවිධානයට අයත් නොවන රටවල් වියානා නගරයේ ඔපෙක් මූලස්ථානයේ පැවැත්වුන සාකච්ඡාවක දී දිනකට නිෂ්පාදනය කෙරෙන බොරතෙල් බැරල් පන්ලක්ෂයකින් අඩු කිරීමට ගිවිස ගැනීමද මෙම තෙල් මිල ඉහළයාමට හේතුවී ඇති බව සඳහන්.

තෙල් අපනයනය කරණ ප්‍රධාන රටවල් වසර පහළොවක කාලයක් ඇතුළත එවැනි පොදු එකඟතාවක් ඇතිකරගත් පළමු අවස්ථාව මෙයයි.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment