මට හරියටම ඕක මතක නෑ – එ්ත් ලසන්ත එක්ක නිතර කතා කළා - මහින්දගෙන් පිළිතුරු


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හා ඝාතනයට ලක්වූ හිටපු ප්‍රවීණ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතා ඇති වූ බව කියන දුරකථන සංවාදයක. හඬපටය සම්බන්ධයෙන් හිටපු ජනපතිගෙන් ඊයේ (21) මාධ්‍යවේදීන් ප්‍රශ්න කරන ලදී.
ඊට හිටපු ජනපති දුන්

පිළිතුර පහත පරිදිය.

“අද එකක් නෙවෙයිනේ. ඒකාලේනේ. මම කතා කරනවානේ එයාට. මට මතක නෑ. ඕක කතා කළාද නැද්ද කියන එක. නමුත් මම එතුමත් එක්ක නිතර කතා කරනවා. මේක අලුත් දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් හැමෝම දන්නවා එතුමාගේ පුරුද්දක් තියෙනවා කතා කරන ඒවා ඔක්කෝම ටේප් කරන එක. එතුමා වාර්තාකරුවෙක්නේ. දැන් ඔයාලාට කතා කළාම ඔයාලා ටේප් කරන්නේ ඔක්කොම. ඊට පස්සේ නැතැයි කිව්වොත් ඒක ටක් ගාලා දානවානේ.“

එම ආන්දෝලනාත්මක කතාවේ හඩ පටය පහතින්

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment