කැලණි සරසවියේ “ විද්‍යා 2017 ” අධ්‍යාපනික ප්‍රදර්ශනය ඇරඹේ



විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ සම සංවිධායකත්වයෙන් සංවිධාන කෙරුණු “ විද්‍යා 2017 ” විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය කැළණිය
විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ පරිශ්‍රයේදී  ආරම්භ විය.
ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 02 වන දින සිට 07 වන දින දක්වා මහජනතාවට විවෘතය.


කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට වසර 50ක් සපිරීම නිමිති කරගෙන පැවැත්වෙන ප්‍රදර්ශනයේ අරමුණ ශ්‍රී ලාංකේය සමාජය තුළ විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමයි. විද්‍යා අංශයෙන් ඉදිරියට යන්නේ කෙසේද, ඒ සඳහා උනන්දු විය යුත්තේ කුමන ආකාරයෙන්ද ආදියට අවශ්‍ය මගපෙන්වීම  ලබාදීමය.

විද්‍යා පීඨය නියෝජනය කරන සියළු අධ්‍යනාංශවල නවෝත්පාදනයන්, නිර්මාණ, විශේෂ ඉදිරිපත් කිරීම්, නව සොයා ගැනීම් මෙන්ම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයන්හි නව සොයාගැනීම් සහ සේවාවන් පිළිඹිබු කරන ප්‍රදර්ශන කුටි වලින් ප්‍රදර්ශනය සමන්විත වේ. ඊට අමතරව  විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට අවධානය යොමු කරවන විද්‍යාත්මක මැජික් සංදර්ශන, රොබෝ සංදර්ශන, විෂයානුබද්ධ ක්‍රීඩා, ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම්, විද්‍යාත්මක චිත්‍රපට, පෝස්ටර් තරඟ ආදිය හරහා දැනුම සහ විනෝදය ලබා දීමේ අංග රාශියක්ද ප්‍රදර්ශනයට ඇතුළත් වේ.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment