රෝහින්ග්‍යා ගැන කලින් කිව්ව නම් ඉවරනේ - නාමල්


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ දිනවල පවතින රෝහින්ග්‍යා සරාණාගත ප්‍රශ්නය ගැන අද පුවත්පතේ තීරු ලිපියකට මෙසේ අදහස් දක්වා ඇත.

"මේ වනවිට රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ රටේ දැඩි  මතයක් නිර්මාණය වී තිබේ. රෝහින්ග්‍යා
සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණියා හෝ නැතාහෝ මෙතන ඇති ගැටලුව නම් ආණ්ඩුව රටේ ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීමයි. ඒ සම්බන්ධයෙන් විෂයභාර වයඹ සංවර්ධන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වරින් වර පැමිණි සියලු රෝහින්ග්‍යාසරණාගතයන් දිවයිනෙන් පිටත් කර හැරීමට කටයුතු කළ බවයි.


ඉන්පසුව බස්නාහිර සංවර්ධන හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් පැවසුවේ කිසිදුරෝහින්ග්‍යා සරණාගතයෙකු ශ්‍රී ලංකාවේ නොමැති බවයි. නමුත් ඒ ප්‍රකාශවල උණුසුම පහව යන්නටත් මත්තෙන් ගල්කිස්සේ රඳවා සිටි රෝහින්ග්‍යා සරණාගතයන් 31 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය විය.

යම් හෙයකින් රජය මෙම සරණාගතයන් 31 දෙනා පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවට පවසා තිබුණානම් එදා ගල්කිස්සේ සිදුවූ සිදුවීම නොවන්නට ඉඩ තිබිණි. රෝහින්ග්‍යා සරණාගතයන් පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කිරීමත්, ඔස්ට්‍රේලියාවට යන නැවකින් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙනඒමත් ආණ්ඩුව සිදුකළ දැවැන්ත කුමන්ත්‍රණයක කොටසක් ලෙස හැඳින්විය හැක."
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment