ක්‍රිකට් හදන්න මහේල සංගා අරා එන පළමු සාකච්ඡාව අද.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරීම වෙනුවෙන් පැවැති වැඩමුළුවේදී සකස් කළ වාර්තාව පිළිබඳව පළමු සාකච්ඡාව අද (03දා) පස්වරු 5.15ට ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

එම වාර්තාව ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කළ අතර එහි සාමාජිකයන් වන්නේ හිටපු අතුරු කමිටු සාභපතිවරයෙකු වන හේමක අමරසූරිය, අනුර තෙන්නකෝන්, අරවින්ද ද සිල්වා, කුමාර් සංගක්කා හා මහේල ජයවර්ධනයි.

මෙම කමිටුවේ පළමු සාකච්ඡාව අද මෙලෙස පැවැත්වෙන අතර ඒ සඳහා කමිටු සාමාජිකයන් සියල්ලම එක්වෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment