ගුරු - විදුහල්පති ගැටළු විසඳීමට බලකරන උද්ඝෝෂණය

ගුරු - විදුහල්පති ගැටළු විසඳීමට බලකරන උද්ඝෝෂණය

 

මේ තත්වය තුළ ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ ගැටළු විසඳීමට බල කරන උද්ඝෝෂණයක් 2017 ලෝක ගුරු දිනය යෙදන ඔක්තෝම්බර් 06 වෙනිදා පැවැත්වීමට ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් කටයුතු යොදා ඇත. එහිදී,
x නව ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ගේ වැටුප් සකස් කොට පිරිසකට හිඟවැටුප් නොගෙවීම
x විදුහල්පති දීමනාව 16/2017 චක‍්‍රලේඛයෙන් මාර්තු මස සිට වැඩිකළද මේ දක්වා ලබා නොදීම
x මේ දක්වා වසර ගණනාවක් ප‍්‍රමාද වී ඇති ගුරුවරුන්ගේ උසස්වීම් සකස් නොකිරීම
x වැටුප් වර්ධක, විශ‍්‍රාම වැටුප් සකස් කිරීම අකාර්යක්ෂම වීම හා ගෙවීම් පැහැර හැරීම
x කලාප කාර්යාලවලින් ගුරුවරු පීඩාවට ලක්කිරීම
x දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ අවශ්‍යතා ඉටු නොකිරීම හා දෙමළ මාධ්‍යයෙන් කටයුතු නොකිරීම
x දසමස් ණය (ආපදා ණය) මුදල දෙලක්ෂ පනස්දහසකට සීමා කිරීම හා ණය මුදල් ප‍්‍රමාද කිරීම
x අග‍්‍රහාර රක්ෂණ ප‍්‍රතිලාභ විධිමත්ව ලබානොදීම
x විදුහල්පති සේවයේ ගැටළු සම්බන්ධයෙන් මේ දක්වා විසඳුම් ලබානොදීම
x ගුරු අධ්‍යාපනය සහ අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම
x බස්නාහිර පළාතේ ගුරු අවශ්‍යතා අනුව නව පත්වීම්ධාරී ගුරුවරු නිසි පරිදි ස්ථානගත නොකිරීම
x විදුහල්පති පුරප්පාඩු දේශපාලන කමිටු හරහා පිරවීම
x සේවාස්ථ සැසි විධිමත්ව සංවිධානය නොකිරීම සහ නිසි පරිදි මුදල් නොගෙවීම
x සේවාස්ථා සැසිවල රු.150/- ක සොච්චම් දීමනාවක් පමණක් ගෙවා සංයුක්ත දීමනාව නොගෙවීම
x නව ගුරුසේවා ව්‍යවස්ථාවේ උසස්වීම්වලට අදාළ මොඩියුල නිසි කාලයට සිදු නොකිරීම
x ප‍්‍රතිඵල සංවර්ධනය මුවාවෙන් ගුරුවරු විවිධාකාරයෙන් පීඩාවට පත් කිරීම
x ඉගැන්වීම්වලට අමතරව ගුරුවරු පති‍්‍රකා පිරවීම ඇතුළු විවිධ පීඩාකාරී කටයුතුවල යෙදවීම
x 2008 සිට නිවැරදි කළ යුතු විද්‍යාපීඨ පත්වීම්ධාරීන්ගේ වැටුප් මේ දක්වා නිවැරදි නොකිරීම
x වෙනත් සේවාවලින් ගුරු සේවයට පැමිණි නිලධාරීන්ගේ වැටුප 7/2016 චක‍්‍රලේඛයට අනුව සකස් නොකිරීම
x ගුරු සේවයට බඳවා ගත් සංවර්ධන නිලධාරීන්ගේ සේවා කාලය ගුරු සේවයට ඇතුළත් නොකිරීම
ඇතුළු ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගැටළු වහා විසඳන ලෙස රජයට බලකර සිටී.

2017 ඔක්තෝම්බර් 06 දින ප.ව. 2.00 ට කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලය (නවලෝක රෝහල අසල* අසලින් ආරම්භ වන මෙම උද්ඝෝෂණය සියලූ ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.
මෙයට

ජෝසප් ස්ටාලින්
කැඳවුම්කරු
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment