සුරක්ෂා සිසු රක්ෂණය ආර්ථිකයේ ස්ථාවරභාවය පෙන්නුම් කරන්නක් - අගමැති

සුරක්ෂා සිසු රක්ෂණය ආර්ථිකයේ ස්ථාවරභාවය පෙන්නුම් කරන්නක් - අගමැති

ජාතික ආණ්ඩුව පිහිටවූ අවස්ථාවේදී මෙවැනි මුල්‍යමය හැකියාවක් නොතිබූ අතර රටේ ආදායම ණය ගෙවීමට හෝ ප්‍රමාණවත් නොවුණු බවයි අගමැතිවරයා පෙන්වා දුන්නේ. එහෙත් සියලු අභියෝග මැද ආර්ථික ස්ථාවරභාවයක් ඇති කිරීමට හැකි වූ බව හෙතෙම සඳහන් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම දරුවන්ට රක්ෂණාවරණයක් ලබා දීමෙන් පමණක් සීමා නොවන බව පැවසූ වික්‍රමසිංහ මහතා කියා සිටියේ ඒ සඳහා අධ්‍යාපන ඇමතිවරයාට සැලසුම් ගණනාවක් ඇති බවත් කළ යුතු වන්නේ ඒ වෙනුවෙන් මුදල් සොයා ගැනීම බවයි. මේ අතර පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් පසුව හොඳ රැකියා අවස්ථා තිබිය යුතු වන හෙයින් ඒ සඳහාද අවශ්‍ය වටපිටාව සකස් කෙරෙමින් පවතින බව හෙතෙම ප්‍රකාශ කළේය.

ඉතා කෙටි කාලයක් තුළ මෙලෙස විශාල වැඩකොටසක් කිරීමට හැකි වූයේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ නිසා යැයිද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ජාතික ආණ්ඩුවක් බිහි නොකළානම් මෙවැනි රක්ෂණාවරණයක් නිර්මාණය නොවන බව අවධාරණය කළ අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ වත්මන් රජය නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කිරිමට ක්‍රියා කරන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment