නිවසක ඇතිදැඩි කළ හඳුන් දිවි පැටවා සමග දඩයක්‌කරු මාට්‌ටු


නිවසක්‌ තුළ ඇති කරමින් විකිණීම සඳහා සැලසුම් කර තිබූ හඳුන් දිවි පැටවකු සමඟ දඩයක්‌කරුවකු පෙරේදා (19 දා) අත්අඩංගුවට පත්ව තිබේ.

මන්නාරම,
අඩම්පන් වෙට්‌ටයාමුරිප්පු ප්‍රදේශයේ නිවසක මෙම  හඳුන් දිවි පැටවා රඳවා තිබුණ අතර අඩම්පන් පොලිසිය වැටළීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වෙට්‌ටයාමුරිප්පු ප්‍රදේශයේ කැලෑවක ඇටවූ උගුලකට මෙම දිවි පැටවා හසුවී පසුව හඳුන් දිවි පැටවා තම නිවසට ගෙනැවිත් ඇතිදැඩි කර ඇත.
සැකකරු ප්‍රදේශයේ ප්‍රසිද්ධ දඩයක්‌කරුවකු වන අතර ඔහු දිවි පැටවා විකිණීමට සැලසුම් කර තිබූ බවද පැවසිණි.
 සති තුනක්‌ පමණ වයසැති නිරෝගී මෙම හඳුන් දිවි පැටවා මඩු වනජීවී කාර්යාලය වෙතට භාරදීමට පියවර ගෙන ඇත.

(දිනසේන රතුගමගේ)

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment