පූජිතගෙන් ඔත්තුකරුවෙකුට ලැබුණු ලොකුම තෑග්ග මෙන්න

පූජිතගෙන් ඔත්තුකරුවෙකුට ලැබුණු ලොකුම තෑග්ග මෙන්න

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ සිවිල් ඔත්තුකරුවකුට ලබා දුන් වැඩිම ත්‍යාග මුදල වන රුපියල් ලක්ෂ හතළිහක මුදලක් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ප්‍රදානය කර තිබේ. 

කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ පෙරේදා (19) පස්වරුවේ පැවැති පොලිස්පති ප්‍රශංසා සම්මාන උළෙලේදී මේ මුදල් ත්‍යාගය ලබාදී ඇත.

පාකිස්තානය හරහා ඉරාන නෞකාවක් මඟින් මෙරටට ඉකුත් අප්‍රේල් 1 වැනි දින රැගෙන ආ හෙරොයින් කිලෝ 111 ග්‍රෑම් 82 සම්බන්ධයෙන් ලබා දුන් ඔත්තුව නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට මේ හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

සඳහා නාවික හමුදා නිලධාරීන් 33 දෙනකු සහභාගි වූ අතර නාවික හමුදා සෙබළු ඇතුළු පොලිස් නිලධාරීන් 98 දෙනකු මෙහිදී විමර්ශනවලට සහාය දැක්වූ හෙයින් එම නිලධාරීන්ටද රුපියල් එක්කෝටි පන් ලක්ෂ අසූ පන්දහසක මුදලක්ද ලබාදීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment