බන්දුලගෙන් රවීට අභියෝගයක්

බන්දුලගෙන් රවීට අභියෝගයක්

මුදල් ඇමැතිවරයා චෝදනා කරන පරිදි රු. කෝටි 1300 ක අතිවිශාල මුදලක්‌ ජනාධිපති වරණයට පෙර මහ බැංකුවෙන් හොරෙන් පිටකර ඇත්නම් එය ඔප්පු කරන ලෙස තමා ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මුදල් ඇමැතිවරයාට අභියෝග කරන බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් සංවිධානය කළ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ඒ සඳහා හැකිනම් ඕනෑම ජනමාධ්‍යයක ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසත් ඔහු එහිදී අදහස් දැක්වීය.

"රු. කෝටි 1300 ක්‌ වටිනා මුදල් නෝට්‌ටු නීත්‍යානුකූල නොවන ආකාරයට පිටවී ඇති බව මුදල් ඇමැති කියනවා නම් ඒ මුදල් නෝට්‌ටු දැන් වෙළෙඳ පොළේ තියෙනව නම් එවැනි නෝට්‌ටුවක්‌ ළඟ තබා ගත් කෙනා පවා ඇප නැතිව බන්ධනාගාර ගත කිරීමට ලක්‌වෙන්න පුළුවන්. මේක දැවැන්ත ප්‍රශ්නයක්‌. රටක මුදල් නෝට්‌ටුවට අත්සන් තබන මුදල් විෂය භාර ඇමැතිවරයාම ඒ රටේ ව්‍යවහාරයේ පවතින රු. කෝටි 1300 ක්‌ වටිනා මුදල් නෝට්‌ටු ප්‍රමාණයක්‌ දේශපාලන බලය මත හොරෙන් මහ බැංකුවෙන් පිටකරනව කියන චෝදනාව කරවනම් ඒක තමයි රටක කරන්න පුළුවන් ඉහළම චෝදනාව. මෙහෙම මුදල් ඇමැතිවරයාම කියන කොට අපේ මුදල් නෝට්‌ටු ජාත්‍යන්තර වශයෙන්වත් පිළිගන්න එකක්‌ නෑ. ලෝකේ මුදල් නෝට්‌ටු හුවමාරුව සිදුවන්නේ විශ්වසනීය භාවය මත" යැයි හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment