ගැමුණු ඇතා යාලදී සුද්දන්ගෙ ඩොලර් ගිලලා



ගැමුණු ඇතා යාලදී
සුද්දන්ගෙ ඩොලර් ගිලලා


 යාල ජාතික වනෝද්‍යානයේදී විදේශිකයින් ගමන් ගත් ජීප් රථයකට මග හරස්කරන ලද ඇතෙකු සිය හොඬවැල ජීප් රථය තුළට යොමු කර සියල්ලන් භීතියට පත්කරමින්
එහි තිබූ ගමන් මල්ලක් ඇද එළියට ගෙන ගිල දමා ඇතැයි වාර්තාවේ.

මෙම ගමන් මල්ලේ පළතුරු, ඩොලර් කොළ තොගයක් හා කැමරා ආම්පන්න ආදිය තිබී ඇත.
යාල වනයේ කවුරුත් හඳුනන ‘ගැමුණු ඇතා‘ මෙම ක්‍රියාව සිදු කර ඇති බවද වාර්තා වේ.

 ගිල දැමූ ඇමරිකානු ඩොලර් තොගයේ වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ 2 ක් පමණ වෙතැයිද ගණන් බලා ඇත.

එහි ගමන් කළ සංචාරකයින් පිරිස ජර්මනියේ සිට මෙරටට පැමිණි පිරිසකි. මේ අකරතැබ්බය ඔවුන් ජර්මානු තානාපති කාර්යාලයටද වාර්තා කර ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment