නිවාඩු කාලේ දරුවන් අතර පාචනය පැතිරීමේ අවදානමක්


පාසල් නිවාඩු කාලය එළැඹීමත් සමඟ පාචන
රෝගය වැලැඳුණු දරුවන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

පාසල් නිවාඩු සමයේ විනෝද චාරිකා, නෑදෑ හිතමිතුරන් බැහැ දැකීමට යෑම වැනි ගමන් බිමන් අතරතුර පරිභෝජනයට නුසුදුසු අපිරිසුදු ආහාරපාන ගැනීම, අත් නොසෝදා ආහාර ගැනීම වැනි අයහපත් සෞඛ්‍ය පුරුදු නිසා මේ තත්ත්වය උග්‍රවී ඇතැයිද ඒ මහතා පැවැසීය. වමනය හා බඩඑළිය යෑම පාචනය රෝගයේ මූලික රෝග ලක්ෂණ වන අතර එමඟින් දරුවන් විජලන තත්ත්වයට ගොදුරුවීම මෙන්ම ජීවිත අවදානමක්ද ඇතිවිය හැකි බැවින් පාචනය වැලැඳුණු දරුවන් සිටීනම් පිරිසුදු ජලය, නාරං යුෂ, දෙහි යුෂ, ‍ෙදාඩම් යුෂ පානය කිරීමට දීමෙන් ඇතිවිය හැකි විජලන තත්ත්වය මඟහරවාගෙන දරුවා රෝහල්ගත කිරීමෙන් වළක්වා ගත හැකි බව විශේෂඥ වෛද්‍යවරයා උපදෙස් දෙයි.

(හර්ෂනී අර්සකුලරත්න)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment