මෛත්‍රි ජනපති ජනවාරි 26 ට පෙර මියයන අනාවැකිය


වත්මන් ජනාධිපතිවරයා ලබන වසරේ (2017) ජනවාරි 26 වැනි දිනට පෙර මිය යන බවට එක්තරා ජේ‍යාතිෂවේදියකු සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ
අනාවැකි සහිත වීඩියෝ පට

පිටුපස ජ්‍යොතීර්වේදය ඉක්මවා ගිය කුමන්ත්‍රණකාරි ඝාතන සැලැස්මක් තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා මුලින්ම රහස් පොලිසියේ සයිබර් අපරාධ අංශයට පැමිණිලි කළද ඊට තවමත් නිසි ප්‍රතිචාරයක් නොලැබුණ නිසා පෙරේදා (19දා) තමා පොලිස්පතිවරයාටද පැමිණිලි කළ බවද ඔහු සඳහන් කෙළේය.

මීට පෙර ශ්‍රී ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු සම්බන්ධයෙන් මෙවැනි තර්කයක් ඉදිරිපත් කර නැතැයි පැවැසූ හෙතෙම, මියයනසුලු අසනීපයක් වැලඳුණු කෙනෙක් කිසියම් වෛද්‍යවරයෙක් ළඟට ගියත් ඒ පුද්ගලයාට ඒ බව කියන්නේ නෑ. එහෙම නැත්නම් ඒ බව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නේ නෑ. එහෙත් ජනාධිපතිවරයා ලබාදීල තියෙන නිදහස ඇතුළේ මේ ජේ‍යාතිෂවේදියා ඉතාමත් නින්දිත විදියට මේ ප්‍රචාරය ගෙනියන බවත් පෙන්වා දුන්නේය.

(පහන් විජේසේකර)
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment