ලංගම වෙනස් වෙයි 

ලංගම වෙනස් වෙයි 

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට තාක්ෂණය එක්කර ගනිමින් කාර්යක්‍ෂම පොදු ප‍්‍රවහාන සේවාවක් කඩිනමින් සැලසිමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පවසයි. 

සභාපතිවරයා ඒ  බව පැවසූයේ හැටන් ඩිපෝවේ හදිසි නීරික්‍ෂණ චාරිකාවකට ඊයේ (27) එක්විමෙන් අනතුරුව පැවති සේවක හමුවේදී ය. 

ප‍්‍රවහාන අමාත්‍යවරයාගේ යෝජනාවක් අනුව එන්ජින් කට්ටල පන්සියක් ආනනයන කිරිමට කටයුතු කර ඇති බවත් දිවයිනේ සියලූම ලංගම ඩිපෝවවලට සී.සී.ටී.වි කැමරා පද්ධති සවිකර සියලූම ලංගම දුර සේවා බස් රථවල ජි.පී.එස් තාක්ෂණයත් සියලූම කොන්දොස්තර මහත්වරුන්ට ප්‍රවේශ පත‍්‍ර යන්ත‍්‍ර ලබාදිමටත් කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය. 

ඉදිරියේදි සියලූම ඩිපෝවල සේවකයන්ගේ වැටුප් ඇතුලූ සියලූම ගෙවීම් පරිඝණක ගත කිරිමට කටයුතු කරන බවත් ලංගම ඩිපෝවල පවතින රියදුරු කොන්දොස්තර ඇබෑර්තු පිරවිමට කටයුතු කරන බවත් පැවසීය. 

හැටන් - රංජිත් රාජපක්ෂ

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment