මහින්දගේ පක්ෂය ආපසු හරවන්න ශ්‍රීලනිපයේ වෑයමක්

මහින්දගේ පක්ෂය ආපසු හරවන්න ශ්‍රීලනිපයේ වෑයමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් ඇති කිරීමට මූලික වූ පුද්ගලයින්ගේ බලාපොරොත්තු එලෙසින්ම ඉටු කර ගැනීමට ඉඩක් නොලැබෙන බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය නොමැති රජයක් බිහි කර ගැනීමට අවශ්‍ය නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්වන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට ආරාධනා කරන බව කොළඹ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

“මේ නව වසරේදී ඔවුන්ට අපේ සහෝදරත්වයේ දෑත දිගු කරමින් එක්වන්න ආරාධනා කරනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ පොහොට්ටුවේ සාමාජිකයන්ටත් අපි කියන්නෙ පක්ෂය බෙදන්නෙ නැතිව පක්ෂයේ තනි ආණ්ඩුවක් හදන්න ඕනෙ නම් අපිත් එක්ක එකතු වෙන්න කියලයි. යු.එන්.පී නැති රජයක් හදා ගන්න නම් පක්ෂය ශක්තිමත් කරන්න.” යැයිද ඔහු සඳහන් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන බවත් එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී සිය එකම පක්ෂයෙන් පාක්ෂිකයෝ දෙදෙනෙක් තරඟ නොකළ යුතුයි කියන දැඩි ස්ථාවරය ගම් මට්ටමින් ඉදිරිපත් වී ඇති බවත් එහිදී අමාත්‍යවරයා පැවසී ය.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරන්නේ ආණ්ඩුවට එරෙහි පුළුල් පෙරමුණක් ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බවත් පාර්ශ්ව ගණනාවක් ඒ සඳහා එක්වීමට කැමැත්තෙන් සිටින බවත්ය.

ආණ්ඩුව සෙලවිය හැකි ආකාරයේ මන්ත්‍රීවරු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වීමට සූදානම්ව සිටින බවත් එක්සත් ජාතික පක්ෂය නායකත්වය සමග මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ දැඩි කලකිරීමට පත්ව ඇති අතර, එම දස දෙනාත් සමග විධිමත් හා අවිධිමත් ආකාරයෙන් සාකච්ඡා කර ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment