රත්නපුර ටැක්ස් ෆයිල් වහන්න දේශපාලනඥ බලපෑම්

මේ දිනවල බදු අයකිරීම සඳහා නව ලිපිගොනු විවෘත කිරීමේ කටයුතු සඳහා ලංකාව පුරා පවතින දේශීය ආදායම් ප‍්‍රාදේශීය කාර්යාලවල නිලධාරින් කටයුතු කරමින් සිටින්නේ අතිකාල සේවයේද නිරතවෙමිනි.
එම නව ප්‍රවණතාව තුළ

දේශීය ආදායම් රත්නපුර ප‍්‍රාදේශීය කාර්යාලයේ නිලධාරින් ලිපිගොනු විවෘත කරමින් සිටියදී ආණ්ඩු පක්‍ෂයේ රත්නපුර ප‍්‍රදේශයේ දේශපාලකයෙකු එම නිලධාරින්ගේ රාජකාරියට බාධා කොට තිබේ. තමන්ට හිතවත් ව්‍යාපාරිකයින් සඳහා බදු ලිපිගොනු විවෘත කිරීමට කටයුතු කිරීම මීට හේතුවී ඇත. මෙම ව්‍යාපාරිකයින් දේශපාලන අනුග‍්‍රහය මත බදු ගෙවීම් පැහැර හරිමින් සිටින පිරිසක් බවත් අදාල විෂය භාර ඇමතිවරයාද ඉහත දේශපාලන උවමනාව අනුමත කරන ස්ථාවරයක සිටින බවත්
එවැනි තත්වයක් තම රාජකාරියට බාධාවක් බවත් දේශීය ආදායම් පොදු සේවක සංගමය දන්වා සිටී.
රාජකාරියට අවශ්‍ය පරිසරය සකස්කිරීමට ජනාධිපතිවරයා ඇතුළු අදාල බලධාරින්ගේ දැඩි අවධානය ඔවුන් බලාපොරොත්තු වේ.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment