සුනාමි ගැන සොයන ආයතනයේ වල් බිහි වෙයි

සුනාමි ගැන සොයන ආයතනයේ වල් බිහි වෙයි

හික්කඩුව, පැරෑලිය ,මළවැන්න පාරේ සංස්කෘතික මධ්‍යස්ථානයකට සහ සුනාමි පර්යේෂණ ආයතනයක් සඳහා ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිල්ල වසර පහක පමණ කාලයක පටන්  විවෘත නොකර අත හැර දමා ඇති බව වාර්තා වෙයි.

සුනාමියෙන් විශාල හානියක් වූ පැරෑලිය ග්‍රාම සේවා වසමට ලැබුණු මෙම ගෙඩනැගිල්ල ඉදිකීරිම සඳහා 2011 අගෝස්තු මස 11 වන දින එවක සංස්කෘතික ඇමතිව සිටි ටී බී ඒකනායක මහතා  මුල්ගල තබා ඇත.

කෝටි  ගණනක් වියදම් කර  ඉදි කරන ලද මෙම දෙමහල් ගොඩනැගිල්ල වසර ගණනාවක් ගතවී ඇතත් මේ වන තෙක් ජනතා අයිතියට පත් නොකීරීම ගැන ප්‍රදේශවාසීහු චෝදනා කරති. 

එමෙන්ම මෙම ගොඩනැගිල්ල කුමක්ද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා නාම පුවරුවක් හෝ කිසිම තොරතුරක් එහි දක්නට නොමැති බවත් වාර්තා වෙයි.

 

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment