උතුරු මහඇමතිගෙන් තවත් ඉල්ලීමක්! ඉඩම් බලතලත් ඉල්ලයි

උතුරු මහඇමතිගෙන් තවත් ඉල්ලීමක්! ඉඩම් බලතලත් ඉල්ලයි

පළාත් සභා වෙත බලතල පැවරීම ආණ්ඩුව විසින් ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උතුරු පලාතේ ගැටළු රැසක් උද්ගත වී ඇති බවට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පැවසුවේය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ(12) යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවති මාද්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඉඩම් ඇතුළු අදාළ බලතල මධ්‍යම රජය වෙත පවරා ගැනීම තුළින් අදාල පලාත්හි පවතින ගැටළුවලට කිසිදු දිනෙක විසඳුම් ලබාගත නොහැකි බවටත් මධ්‍යම රජය සතු ඉඩම් බලතල හා හිමිකම් පළාත් සභා වෙත පැවරීම තුළින් උතුරේ ඉඩම් ඇතුළු විවිධ ගැටළු සඳහා විසඳුම් ලබා ගැනීමට හැකියාවක් පවතින බවටත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරායා පැවසුවේය.

 

එමෙන්ම ඉඩම් බලතල මධ්‍යම රජය සතු පැවතීම නිසාවෙන් උතුරේ නැවත පදිංචි වූවන්ගේ ඉඩම් සම්බන්ධයෙන් පලාත් සභාවන් වෙතට පැවරී ඇති කාර්යන් සිදු කිරීමට යාමේදී නිලධාරීන්ට විසඳාගත නොහැකි ගැටලු රැසක් මතු වී ඇති බවටත් එහදී ජනතාවට අවශ්‍ය වන ආකාරයට සෘජු තීරණයන් ගැනීමට හැකියාවක් හෝ බලයක් පලාත් සභාවට නොමැති වීමෙන් මෙම ගැටලු සහගත තත්වය ඇතිව තිබීම නිසා මධ්‍යම රජය මේ පිළිබඳව අවධානය යොමු කොට ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවට ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

මෙම අවස්ථවට උතුරු පලාත්සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා පලාත්සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් යන අයද සහභාගී වී සිටියහ.

වන්නි රොමේෂ්

 

 

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment