හාල් මිල ඉහළ යාමට ප‍්‍රධානම හේතුව ග‍්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් රජය සතු වී තොග නිසි ලෙස නිකුත් නොකිරීම නිසා යැයි අරලිය සහල් සමාගමේ ප්‍රධානී, ජනපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ කොළඹ අද (27) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.
වී අලෙවි මණ්ඩලය සතු වී තොග වෙළඳපලට නිකුත් කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර තිබියදීත්, ඇමතිවරයා නිසි ටෙන්ඩර් පටිපාටිය අනුව එය නොකළ බවත් ඔහු චෝදනා කරයි.
වී මොල් හිමියන් සතුව ලබන අප්‍රේල් මාසය දක්වා ප‍්‍රමාණවත් තරම් සම්බා සහ කීරි සම්බා තොග ඇතත් නාඩු වී නැති බවත් නාඩු වී වැඩි ප‍්‍රමාණයක් ඇත්තේ රජය සතුව බවත් හෙතෙම සඳහන් කළේය.
ඒ නිසා සහල් මිල ඉහළයාම සම්බන්ධයෙන් තමන් ඇතුළු මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ද ඔහු පැවසී ය.
වී අලෙවි මණ්ඩලයෙන් රුපියල් 43.65ට වී කිලෝව ගෙන රුපියල් 50 බැගින් මෝල් හිමියන්ට අලෙවි කරන බවත් එවිට වී කිලෝවක් නිෂ්පාදනයට සෙසු වියදම් හැර වී සදහා පමණක් රුපියල් 80ක් වැයවන බවත් සිරිසේන මහතා සඳහන් කළේය.
රජය සතු වී තොග සහල් කිරීම සඳහා මෝල් හිමියන්ට නිසි ක‍්‍රමවේදයක් යටතේ නිකුත් කළේ නම් මෙවැනි ගැටලූ ඇති නොවන බව ද ඔහු වැඩිදුරටත් පැවසී ය.
මේ හේතුවෙන් රටේ ජනතාව ගැන සිතා සහල් විදේශ රටවලින් ගෙනැවිත් හෝ මිල පාලනය කළ යුතු බව ඩඩ්ලි සිරිසේන මහතා පැවසී ය.
0 comments :
Post a Comment