සිරකරුවන්ට ලෙඩ ගොඩක්

සිරකරුවන්ට ලෙඩ ගොඩක්

බන්ධනාගාරගත කර ඇති සිරකරුවන් රඳවා තැබීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් සිර ගෙවල්වල නොමැති වීමත් ප්‍රමාණවත් වාතාශ්‍රයක්‌ නොමැති වීමත් අධික තදබදයත් නිසා සිරකරුවන් අතර බෝවන රෝග, ක්‍ෂය රෝග හා කුෂ්ඨ රෝග බහුලව පැතිරෙන බව වෛද්‍ය පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම තත්ත්වය යටතේ දිවයිනේ සියලුම බන්ධනාගාර රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන් සඳහා ක්‍ෂය රෝග පරීක්‌ෂණ වැඩසටහන් මේ දිනවල ජාතික ක්‍ෂය රෝග, ලය හා ශ්වසන රෝග මර්දන ඒකකය විසින් ආරම්භ කර ඇත.

වෛද්‍යවරුන් මහජන සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්, හෙදියන්, තාක්‌ෂණ සේවයේ නිලධාරීන් මෙම වැඩසටහනට සම්බන්ධ වී ඇති අතර ජාතික ක්‍ෂය රෝග මර්දන වැඩසටහනේ අධ්‍යක්‌ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment