විමල් අද අත්අඩංගුවට? දිගින් දිගටම ප්‍රශ්න කරයි

විමල් අද අත්අඩංගුවට? දිගින් දිගටම ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අද(29) පෙරවරුවේ යළිත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණියේය. 

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගය අනුව ඊයේ(28) උදෑසන 9.00ට පමණ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණි විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ සවස 4.30 පමණ වනතෙක් ප්‍රශ්න කළේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ වාහන 45 ක්‌ පසුගිය රජය සමයේදී තම ඥති හිතමිත්‍රාදීන්ට සහ ජාතික නිදහස්‌ පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයන්ට ලබාදීමෙන් සිදු වී ඇතැයි කියන රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පැය 5 ක් මෙලෙස‌ ප්‍රශ්න කර තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවස්‌ථා කීපයකදීම විමල් වීරවංශ මහතාට දැනුම්දීමක්‌ කර තිබුණද, නොයෙකුත් හේතුන් මත ඒ මහතා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටියේ නැත. පසුව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මේ පිළිබඳව කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබිණි. ඒ අනුව අධිකරණය මඟින් විමල් වීරවංශ මහතාට නියෝග කර තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබාදීමට මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටිය යුතු බවයි.

ඒ අනුව ඊයේ පෙරවරු 9.00 ට පමණ විමල් වීරවංශ මහතා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ පෙනී සිටි අතර සවස්‌ වනතුරුම ඒ මහතාගෙන් ප්‍රශ්න කිරීම් කරන ලදී.

විමල් වීරවංශ මහතා පසුගිය රජය සමයේ ඇමැතිවරයකු ලෙස කටයුතු කරද්දී ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 15 ක්‌ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාවේ වාහන 30 කට වැඩි ප්‍රමාණයක්‌ තම ඥාති හිතවතුන්ට සහ ජාතික නිදහස්‌ පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ පාවිච්චිය සඳහා ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව රජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා 125කට ආසන්න ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කර තිබූ අතර එම ප්‍රශ්නාවලියට අනුව ඊයේ දිනයට පෙර ප්‍රශ්න 30කට ආසන්න ප්‍රමාණයක් ප්‍රශ්න කර කටඋත්තර ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය විසින් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගෙන් අද(29) දිනයේ ප්‍රශ්නාවලියේ ඉතිරි ප්‍රශ්න කිරීම් සිදු කිරීම අවසන් කළහොත් විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් බව වාර්තාවේ. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment