(EXCLUSIVE) මෛත්‍රී යාපනයේදී විශේෂ ප්‍රකාශයකට සූදානම් - ත්‍රිවිධ හමුදාවට කැඳවීමක් 

(EXCLUSIVE) මෛත්‍රී යාපනයේදී විශේෂ ප්‍රකාශයකට සූදානම් - ත්‍රිවිධ හමුදාවට කැඳවීමක් 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන වසරේ ජනවාරි 04 වැනිදා යාපනයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානම් බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ද කැඳවීමට නියමිත බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව යාපනය පලාලි යුද හමුදා කඳවුරේදී මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිත අතර එහිදී ත්‍රිවිධ හමුදාව ඇමතීමට සූදානම් බව වාර්තා වේ.

එම විශේෂ ප්‍රකාශය සඳහා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ටද සහභාගීවීමට දැනුම් දීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම විශේෂ ප්‍රකාශය හරහා ජනධිපතිවරයා රට වෙනුවෙන් සිදුකරන ක්‍රියදාමය ගැන පැහැදිලි  කිරීමට සූදානම් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment