2017 වසර තුළ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ විදේශ වර්තාකරුන්වන් සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණද වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.
ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බවයි පෙන්වා දුන්නේය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කළේ 'යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති' බවයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් වුවහොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන් වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩකළ හැකි බවයි.
එහෙත් එවැනි තත්වයක් උද්ගත වුනොත් එය සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්ව තරඟ කළහොත් ඡන්ද බෙදී එක්සත් ජාතික පක්ෂයට වාසි දායක තත්වයක් ඇතිවිය හැකි බවට පළවෙන මතය තමන් පිලි නොගන්නා බවද කළ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම ආණ්ඩුවේ ක්‍රියා කලාපයට විරෝධය පළකරමින් එක්සත් ජාතික පාක්ෂිකයන් විශාල පිරිසක් ඡන්දය දීමෙන් වැලකී සිටිනු ඇති බවත් පැවසීය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා හා විපක්ෂ නායකවරයා සමඟ සිදුකළ හමුවීම් ගැන යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ 'ව්‍යවස්ථා සම්පාදනය සිදුවන ආකාරය ගැන මිස ව්‍යවස්ථාව ගැන ආණ්ඩුවේ මතය එහිදී ප්‍රකාශ නොකළ බවයි.
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහයෝගය දෙනවාද නැද්ද යන්න ප්‍රකාශ කළ හැක්කේ අභිනව ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුවේ හා ජනාධිපතිවරයාගේ ස්ථාවරය ප්‍රකාශයට පත්කළ පසු බවත් හිටපු ජනපතිවරයා පැවසීය.
එහෙත් එම ව්‍යවස්ථා වෙනස සිදුවේදැයි තමන්ට සැක සහිත බවත් හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළේය.
- බීබීසී සංදේශය -
0 comments :
Post a Comment