පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යහපාලන ආණ්ඩුවේ අධ්‍යාපන ඇමතිධූරය ඉල්ලු බව තමන් හා පැවසුවේ යැයි හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඉන්දික කෝරළගේ මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ කොළඹදී අද(29) පැවැති මාධ්‍ය හමුවකදී ය.
මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වූ පසු හා හෝමාගම ශ්‍රීලනිප සංවිධායක ධූරයෙන් ඉවත් කළ පසුව තමන් සමග පැවැති සාකච්ඡාවකදී මේ බව පැවසුවේ යැයි කෝරළගේ මහතා පෙන්වා දෙයි.
බන්දුල ගුණවර්ධන මහතාට අධ්‍යාපන ඇමතිධූරය හිමිවූයේ නම් ඔහු අද සම්මුති ආණ්ඩුවේ ඇමැතිවරයෙකු බවත් එසේ නොලැබීම නිසා ඔහු අද ඒකාබද්ධ විපක්ෂය සමග එක්වී කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ශ්‍රීලනිපය විනාශ කිරීමට අවශ්‍ය වී ඇත්තේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස යැයිද ඉන්දික කෝරළගේ මහතා චෝදනා කළේය.
එම මාධ්‍ය හමුව සඳහා හිටපු පළාත් පාලන නියෝජිතයින් කිහිප දෙනෙකුම එක්ව සිටියහ.
0 comments :
Post a Comment