ගුරුවරු උතුරු ආණ්ඩුකාර කාර්යාලය වටලයි

ගුරුවරු උතුරු ආණ්ඩුකාර කාර්යාලය වටලයි

වසර ගණනාවක් පුරාවට උතුරු පළාතේ විවිධ පාසල්වල ස්වේච්ඡාවෙන් සේවය කළ ගුරුවර ගුරුවරියන් පිරිසක් තම පත්වීම් ස්ථීර කර දෙන මෙන් ඉල්ලා ඊයේ (28) දින උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපටදී විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාවයේ නිරත වූ ස්වේච්ඡා ගුරුවරුන් කියා සිටියේ වසර ගණනාවක් පුරාවට උතුරේ සිංහල දෙමළ පාසල්වල ගුරු වෘත්තියේ යෙදුන ද මේ වනතුරුත් තමන්ගේ සේවය ස්ථීර කිරීමට පසුගිය ආණ්ඩුව හෝ වත්මන් ආණ්ඩුව පියවර නොගෙන ඇති බවයි.

එමෙන්ම ස්වේච්ඡා සේවයක් නොමැති ඇතම් අයට දේශපාලනික බලපෑම් මත අසාධාරණ පත්වීම් ලබා දෙන බවත් වසර ගණනාවක් ස්වේච්ඡා සේවය කල තමන්ගේ පත්වීම් ස්ථීර කර නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.

පසුව ස්වේච්ඡා ගුරුවරුන් පිරිසක් උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා හමුවූ අතර එහිදී උතුරු ආණඩුකාරවරයා කියා සිටියේ උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ පත්වීම් ස්ථීර කරවීමේ ක්‍රියාවලිය මේ වන විටත් ආරම්භ කොට ඇති බවයි.

තවද ඉදිරියේදී යාපනයේදී ආරම්භ වීමට නියමිත ජනපතිට කියන්න වැඩ සටහනේ පළමු කාර්ය උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ ගැටලුව බවත් එහිදී ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට විසඳුමක් ලබා දෙන බවත් උතුරු ආණ්ඩුකාරවරයා අවධාරණය කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment