පාර කාපට් කළැයි ලකුණු දමා ගැනීමේ පොරයක්

පාර කාපට් කළැයි ලකුණු දමා ගැනීමේ පොරයක්

ගල්කිස්ස ප්‍රනාන්දු පාර කාපට් අතුරා සංවර්ධන කිරීමට ප්‍රණාමය පුද කරමින් ඉදිකළ දැන්වීම් පුවරුවකට විරෝධය පළ කරමින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු එම දැන්වීම් පුවරුවට යටින් බැනරයක් ගසා තිබේ.

එම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, මහරගම ශ්‍රීලනිප සංවිධායක බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතාට හා දෙහිවල ශ්‍රීලනිප සංවිධායක කීර්ති උඩවත්ත මහතාට ප්‍රදේශවාසීන්ගේ ප්‍රණාමය පුද කරමින් එම දැන්වීම් පුවරුව ඉදි කර තිබේ.

කෙසේවෙතත් එම දැන්වීම් පුවරුවේ කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී යමිත නලින්ද රාජපක්ෂ මහතා එම දැන්වීම් පුවරුවට යටින් බැනරයක් ගසා තිබේ.

ගල්කිස්ස ප්‍රනාන්දු පාර කාපට් අතුරා සංවර්ධන කර ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ අරමුදල් යොදවමින් බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයාගේ ගෝල පිරිසගේ එම ක්‍රියාවට විරෝධය දක්වන බවත් එම ක්‍රියාමාර්ගය පිළිබඳ අගමැතිවරයාගේ අවධානය යොමු කරන ලෙසත් එහි සඳහන් කර තිබේ.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment