නවසීලන්ත T20 ලීගයේදී හයේ 07 ක් සමගින් මහේලගෙන් විශිෂ්ට ඉනිමක්..

නවසීලන්තයේ පැවැත්වෙන විස්සයි 20 ලීග් තරගාවලියට එක්ව සිටින මහේල ජයවර්ධන එම තරගාවලියේදී අගනා ශතකයක් වාර්තා කිරීමට අද (21)  සමත්විය.

මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායම හා ඔටාගෝ කණ්ඩායම අතර පැවැති තරගයේදී මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායම වෙනුවෙන් මහේල මෙසේ සිය ශතකය සම්පූර්ණ කරනු ලැබීය. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඔටාගෝ කණ්ඩායම සිය පන්දුවාර 20 තුළදී ලකුණු 249ක් රැස්කිරිමට සමත් විය.


ලකුණු 250ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායමට සිය පන්දුවා 20 තුළදී කඩුලු 4ට ලබාගත හැකිවූයේ ලකුණු 248ක් පමණි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මහේල පන්දු 56කදී හතරේ පහර 12ක් හා හයේ පහර 7ක් ද සමගින් ලකුනු 116ක් රැස්කිරීමට සමත්වූයේය.


කෙසේ වෙතත් කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 229දී මහේල දැවීයෑම හේතුවෙන් මධ්‍යම දිස්ත්‍රික් කණ්ඩායමට පරාජය හිමිවිය. ඒ වනන විට පන්දු 11කදී ඔවුන්ට රැස්කිරිමට තිබුණේ ලකුණු 21ක් පමණි.


ලකුණු පුවරුව..



 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment