බූවල්ලන් අපනයනයට පියවර

බූවල්ලන් අපනයනයට පියවර
 

දකුණු කොරියාව සඳහා බූවල්ලන් අපනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාවෙන් බූවලු සම්පත නෙළාගැනීමේ වසර 02ක නියමු ව්‍යාපෘතියක් සඳහා විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ දකුණු කොරියාව අතර පසුගියදා අත්සන් තැබුණු බවයි.

ශ්‍රී ලංකාවේ මන්නාරමට ආසන්න මුහුදු කලාපය ආශ්‍රිතව සිදු කරනු ලබන මෙම නියමු ව්‍යාපෘතිය නාරා ආයතනයේ හා කොරියාවේ ඩේජින් ඉන්ටර්නැෂනල් සමාගමේ මූලිකත්වයෙන් සිදුවන බවත්, ඒ අනුව බූවල්ලන් ඇල්ලීම සඳහා විශේෂ උගුල් (Top shells) 100,000 ක් මේ වනවිටත් ශ්‍රී ලංකාව වෙත කොරියාවෙන් එවා ඇති බවත් එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ බූවල්ලන් විශේෂ කිහිපයක් බහුලව දැකිය හැකි අතර, ඉන් එක් විශේෂයක් වන Cistopus taiwanicus නම් බූවලු විශේෂය කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ.

ඒ අනුව, මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඈත පෙරදිග රටවල් වන ජපානය, මැලේසියාව හා චීනය යන රටවල් සමගද ඉදිරියේදී අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශය සඳහන් කර සිටියි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment