සනීපාරක්ෂක කම්කරුවන්ට විශේෂ දීමනාවක්

සනීපාරක්ෂක කම්කරුවන්ට විශේෂ දීමනාවක්

මහා නගර සභාවල සේවයේ නිරත සියලුම සනීපාරක්ෂක කම්කරුවන්ට දූවිලි දීමනාව ලබාදෙන ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා නාගරික කොමසාරිස්වරුන්ට උපදෙස් දී තිබේ.

වර්ග කළ කසළ එකතුකිරීමේ වැඩසටහන පිළිබඳව පසුගියදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී  ඇමතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.

අමාත්‍යවරයා හා මහා නගර සභාවල සනීපාරක්ෂක කම්කරුවන් හමුවී කම්කරුවන් මුහුණදෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව පැවැති සාකච්ඡාවකදී ඔවුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම දීමනාව ලබාදී ඇත.

එසේම සනීපාරක්ෂක කම්කරුවන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීමට කටයුතු කරන ලෙස හා නිරන්තරව විෂ බීජ සමග ගැටෙන මොවුන් මාස තුනකට වරක් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරවන ලෙසත් අමාත්‍යවරයා නාගරික කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇත.

ඔවුන්ට අවශ්‍ය ජැකට්, අත්වැසුම් සහ බූට් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඒවා පැලඳ ඔවුන්ගේ රාජකාරී කටයුතු වල නිරත වන ලෙසට උනන්දු කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment