රජයේ රෝහල්වලට යන රෝගීන්ට සෞඛ්‍ය ඇමැතිගෙන් අලුත් නීතියක්

රජයේ රෝහල්වලට යන රෝගීන්ට සෞඛ්‍ය ඇමැතිගෙන් අලුත් නීතියක්

රෝහල් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් සුවදිවි මධ්‍යස්ථාන සහ සුවනාරි මධ්‍යස්ථානවල වෛද්‍ය පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු නිකුත් කරන වාර්තා අනිවාර්යයෙන් රෝගියා සතුව තිබිය යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

එසේ වෛද්‍ය වර්තා ලඟ තබා ගැනීමෙන් රජයේ රෝහල්වල වෛද්‍යවරුන්ට කඩිනමින් ප්‍රතිකාර කිරිමේ හැකියාවක් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

පුරුෂ පක්ෂය සදහා සුවදිවි මධ්‍යස්ථාන 842ක් සහ කාන්තාවන් සදහා සුවනාරි මධ්‍යස්ථාන 942 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇත. එමගින් පුරුෂ පක්ෂයේ රුධිර පරීක්ෂණ ඇතුලු පරීක්ෂණ රැසක් සිදු කරන අතර, කාන්තාවන්ගේ පිළිකා, රුධිර පරීක්ෂණ ඇතුලු තවත් පරීක්ෂණ රැසක් සිදු කරනු ලබයි. දරු ප්‍රසූතියක් සදහා ගැබිණි මවක් රෝහලකට ඇතුළත් කිරීමේ දී පවුල් සෞඛ්‍ය නිලධාරිනී සායනවල වාර්තා සළකා බලන ආකාරයට මෙම පරික්ෂණ වාර්තා ද ඉදිරියේ දී අනිවාර්යයෙන්ම සළකා බලන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී. 

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සමග පෙරේදා (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත් වූ සාකච්ඡාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment