ප්‍රභාකරන් සිටියානම් අද අගමැති - විජයකලා (VIDEO)

ප්‍රභාකරන් සිටියානම් අද අගමැති - විජයකලා (VIDEO)

ශ්‍රී ලංකාවේ සහ ලෝක නායකයින් අතරින් වීරත්වයත් පෞර්ෂත්වයත් තිබූ එකම නායකයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති  විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවසුවාය.

කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති ගින්නෙන් විනාශයට ලක්වූ  කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළද මහතුන් හට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීමේ උත්සවයකදී ඇය මෙම අදහස් ප්‍රකාශ කළාය.

'ශ්‍රී ලංකාවේත් ලෝකයේත් පෞර්ෂත්වයකින් හා වීරත්වයෙන් පරිපූර්ණ  හොදම නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන්. වඩමාරච්චි කියන්නෙ නම් දැරූ වැදගත් ප්‍රදේශයක්. ඔහු හිටියෙ කොහොමද. අද සිටින අපගේ ජනාධිපතිවරුන් සමගින් සසදා බැලුවොත් ප්‍රභාකරන් මෙන් නායකයෙක් සොයාගන්නට වත් බැහැ. ඔහු අද ජීවතුන් අතර සිටියා නම් අගමැති වී සිටින්නට ද ඉඩ තිබුණා. නැතිනම් මන්ත්‍රීවරයෙකු වශයෙන් හෝ ඉන්නට තිබුණා. නමුත් අපගේ අවාසනාවට එසේ වූයේ නැහැ.' යැයි රාජ්‍ය ඇමතිනී පැවසීය.

වන්දි පිරිනැමීම සදහා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් රුපියල් මිලියන 74ක් වෙන්කර තිබුණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment