සුසන්තිකා තවම රෝහලේ - රෝගය සුව අතට

ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ ඩෙංගු රෝගයට ගොදුරුව දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවමත් ප්‍රතිකාර ලබන අතර ඇගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතියි.

එහෙත්
තවත් දින පහක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේදී ප්‍රතිකාර ලබාදෙන බවත් ඇයව සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට හැකියාවක් නොමැති බවත් වෛද්‍ය අධිකාරි රංජිත් අමරකෝන් මහතා පැවැසීය.
කොළඹදී උණ රෝගය වැලඳී ඇති ඇය පුහුණුවීමක් සඳහා දියතලාවට පැමිණ සිටි අතර රෝගී තත්ත්වයට පත්වීම නිසා රෝහල් ගතකර ඇති බවත් වෛද්‍ය අධිකාරි රංජිත් අමරකෝන් මහතා  කීවේය.

(දියතලාව - ජගත් ගාමිණී)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment