පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ 31 දා ශෝක දිනය අහෝසි කෙරේ


පවුලේ අයගේ ඉල්ලීමට රත්නසිරි වික්‍රමනායකට නම් කළ
31 දා ශෝක දිනය

අහෝසි කෙරේ

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ අභාවය වෙනුවෙන් 31 වනදා ජාතික ශෝක දිනයක්‌ ලෙස නම් කරන බවට ඊයේ දහවල් නිවේදනයක් නිකුත් වුවද පවුලේ අය එය ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම නිසා රජය එය අහෝසි කර තිබේ.
ශෝක දිනය ප්‍රකාශයට පත් නොකරන ලෙස හිටපු අගමැති පුත් විදුර වික්‍රමනායක මන්ත්‍රීවරයා ඇතුළු 
ඒ මහතාගේ පවුලේ ඥතීන්

ඉල්ලීමක් කළ නිසා ශෝක දිනය ප්‍රකාශයට පත්නොකරන බව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

වසරේ අවසාන දින දෙක වන 30 සහ 31 යන දින උත්සව සහ අනෙකුත් කටයුතු සැලසුම්කර තිබෙන වකවානුවක් නිසා 31 වනදා ශෝක දිනයක්‌ ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන්  ජනතාව දුෂ්කරතාවට පත්වනු ඇතැයි වික්‍රමනායක පවුලේ අදහසයි.
එබැවින් එම දින දෙකින් එකක්‌ හෝ ශෝක දිනයක්‌ ලෙස නම් කර ඇත්නම් එය ඉවත් කරන ලෙස පවුලේ ඥතීන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන්ද ලිඛිතව ඉල්ලීමක්‌ කර තිබුණි.‍

රත්නසිරි වික්‍රමනායක මහතා මියයන්නට පෙර රෝගීවී අසාධ්‍යව සිටින ඡායාරූප පසුගිය සතියේ මාධ්‍ය වල පළවූ අවස්ථාවේද ඔහුගේ පුත් විදුර වික්‍රමනායක මහතා දන්වා සිටියේ තම පියාට එහෙමට අසනීපයක් නැති බවත් ඔහු සුවය ලබා නිවසට ගෙන ඒමට නියමිත බවත් ඡායාරූප පළ කිරීම සදාචාර විරෝධී බවත්ය.
එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව හිටපු අගමැතිවරයා සමුගත්තේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment