ජනපති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

ජනපති පොලිස්පතිගෙන් වාර්තාවක් ඉල්ලයි

වාහනවල ප්‍රධාන විදුලි පහන් දල්වාගෙන අපරීක්ෂාකාරී ලෙස මාර්ගයේ ගමන් කරන ප්‍රභූන් පිළිබඳව අද (01) සිට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට නියෝග කර තිබේ.

ජනාධිපතිවරයා මෙම නියෝගය කර ඇත්තේ අද කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති මාර්ග ආරක්ෂක සතිය ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මාර්ග ආරක්ෂාව පිළිබඳව සැළකීමේදී ප්‍රභූන් සමාජයට ආදර්ශයක් ලබාදිය යුතු බවයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment