සුසන්තිකා දැඩි සත්කාර ඒකකයේ - ඩෙංගු රෝගය යයි සැකයක්


ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා අසනීප තත්වයෙන් දියතලාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

ඇය අද 27 දින
දියතලාවේ පුහුණු වැඩසටහනක උපදේශිකාවක් ලෙස සහභාගිවීම සදහා පැමිණ සිටියදි අසනිප තත්වයන් පෙන්නුම් කර ක්ලාන්තවූ අතර එම අවස්තාවේ දියතලාව මූලික රෝහලට ඇතුලත් කර ඇත. වෛද්‍යවරු දන්වා ඇත්තේ ඩෙංගු උණ රෝගයෙන් ඇය පීඩා විඳින බවයි.
ඇයගේ රුධිර අගයන් ප්‍රමාණය සීඝ්‍රෙයන් පහළ ගොස් තිබූ හෙයින් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරන්නට සුදුවූ බවද වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ඒමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග වාර්තා කර තිබුණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment