විකිණීමට ඇත්තේ පොලීසිය හා බන්ධනාගාරය පමණයි

විකිණීමට ඇත්තේ පොලීසිය හා බන්ධනාගාරය පමණයි

වර්තමානයේ රට තුළ විකිණීමට ඉතිරිවී ඇත්තේ පොලීසිය හා බන්ධනාගාරය පමණක් බවත් රට ගමන් කරන දිශාව බලා තමන් ප්‍රමුඛ පිරිස් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් එය රටට හා ජනතාවට සිදු කරන බලවත් අසාධාරණයක් බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසති.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹදී  අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රට විකුණන ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ෆෙඩරල් ව්‍යවස්ථාවට විරෝධය පාමින් හෙදියන් 10,000ක පිරිසක් ඉදිරියේදී පාර්ලිමේන්තුව ඉදිරිපිටට ගෙන එන බව පැවසූ උන්වහන්සේ මෛත්‍රී - රනිල් සිදු කරන්නා වූ මේ නාඩගම නැවැත්විය යුතු බව පැවසූහ.

එමෙන්ම මේ ආණ්ඩුව විසින් සිදු කළේ කහ ඉරි සුදු කිරීමත්, පළිගැනීමත් පමණක් බවත් ජනතාවට අසාධාරණයක් වන ආකාරයෙන් ආණ්ඩුව හැංගි හැංගි සිදු කරන්නා වූ කූට උපක්‍රමයන්ට විරෝධය පළ කරමින් ඉදිරියේ ක්‍රියාමාර්ගයන් ගන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment