පාඨලී චම්පික රණවක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී ජාතික හෙල උරුමය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි වන යෝජනාවක් එම පක්‍ෂයේ ඉහලම මණ්ඩලයකදී සාකච්චා වී තිබේ.
ආණ්ඩුව වේගයෙන් පිරිහෙමින් ඇති නිසා වහා ආන්ඩුවෙන් එලියට බැස ආණ්ඩු විරෝධී වන සිංහල බෞද්ධ ඡන්ද පදනමට නැවත ආමන්ත‍්‍රණය කල යුතු බව එහිදී යෝජනා වී ඇත.
නැතහොත් මීලග ජනාධිපතිවරණයේදී සිංහල බෞද්ධ ඡන්ද අති බහුතරයක් ගෝටාභය රාජපක්‍ෂ හෝ විපක්‍ෂයේ අපේක්‍ෂකයා පහසුවෙන් ආකර්ශණය කර ගනු ඇති නිසා මෙම පියවර ගත යුත්තේ 2020දී එම මැතිවරණයකදී නැවතත් කොන්දේසි සහිතව එජාපයටම එක්වීමට ඉඩ තබාගෙන ආණ්ඩුව සමග අවබෝධයන් බවත් එම පක්‍ෂ මහ ලේකම් ඇමති චම්පික රණවක මහතා පෙන්වා දී ඇත.
තමන් මේ සම්බන්ධයෙන් අගමැතිවරයා සමග අදහස් හුවමාරුවක් කරගත් බවත් එනිසා ආණ්ඩුවෙන් එලියට බැස්සද ආණ්ඩුව පාර්ශවයෙන් දේශපාලන ප‍්‍රහාරයක් එල්ල නොවනු ඇතැයිද ඇමති රණවක සදහන් කර ඇත.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment