දෙමළ කොටියා ගැන තවත් පොතක් එයි.


‘‘දෙමළ කොටි ඇමරිකාවට ණය ගැත්තෝය‘‘ යන නමින් ඉංග්‍රිසියෙන් ලියා ඇති පොතක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

බෙදුම්වාදී අන්තවාදී කොටි සංවිධානය 2009 යුද්ධයේදී නැත්තටම නැති කිරීම නිසා ඇමරිකාවේ බලාපොරොත්තු බිඳවැටි ගිය බවයි ඉන් පෙන්වා දී ඇත්තේ.

ඇමරිකා විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ විශ්‍රාමික දේශපාලන උපදේශකයකු වන දයා ගමගේ විසින් මෙම පොත එළිදක්වා තිබෙනවා.

26 වසරක් කොටි සංවිධානය පරාජය කිරීමට ශ්‍රි ලංකා හමුදාව ගත් උත්සහයන් ඇමරිකාව විදේශ පිළිවෙතේ සට කපට හා ප්‍රතිපත්තියක් නැති ක්‍රියාමාර්ග නිසා අපතේ ගිය බවද ඉන් පෙන්වා දෙනවා.

එමනිසා ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදී සටන අඩාල කිරීමට ඇමරිකාව ගත් උත්සහායේදී ශ්‍රි ලංකාව බරපතල ගැටලුවලට මුහුණ දුන් ආකාරයත් මෙම පොතේ කර්තෘවරයා විස්තර කරන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කොටියා යුද්ධයෙන් පරාජය නොවුයේ නම් කොටි ඩයස්පෝරාව ජගත් රාජ්‍ය තාන්ත්‍රික බලවේගයන් බවට පත් කිරීමට ඇමරිකාව සිය විදෙස් පිළිවෙත ඔවුනට ඕනෑ විදියට වෙනස් කළ බවද කර්තෘවරයා චෝදනා කර තිබෙන බවද එහි පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment