හදිසියේ මියගිය කතගේ සිරුරට පරීක්ෂණ නැතිවම එම්බාම්




දඹුල්ල වල්ගම්වැව ගමේ නිවෙසක හදිසියේ මියගිය කාන්තාවකගේ මරණ පරීක්ෂණය නොකර මෘතදේහය එම්බාම් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මරණ පරීක්ෂණයකින් පසු
මෘතදේහ ආපසු මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයාට භාරදීමට පෙරේදා (24දා) කටයුතු කළ බැව් දඹුල්ල පොලිසිය පවසයි.

වල්ගමුවැව ගමේ පදිංචිව සිටියදී බ්‍රහස්පතින්දා (22දා) පස්වරුවේ හදිසියේ නිවෙසේදී මියගොස් ඇති හංගිලි ගෙදර කරුණාවතී නම් හතළිස් තුන්හැවිරිදි කාන්තාවගේ හදිසි මරණය ගැන පරීක්ෂණයක් නොකර නිවැසියන් මෘතදේහය මල් ශාලාවකින්
එම්බාම් කර ඇති බවට එම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ වැඩ බලන ග්‍රාම නිලධාරි නිහාල් මෙත්තානන්ද මහතා 23 වැනිදා පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව අධිකරණ නියෝගය මත මරණ පරීක්ෂණයක් පවත්වා මෘත දේහය නිවැසියන්ට නැවත ලබාදීමට කටයුතු කළ බැව් දඹුල්ල පොලිසිය පවසයි.

මියගිය කාන්තාවගේ මෘතදේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් නොපවත්වා දේහය එම්බාම් කිරීම සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන එම්.ජී. අබේරත්න මහතාගෙන් පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තම බිරිය දියවැඩියා රෝගියකු ලෙස අවුරුදු දහතුනක කාලයක් දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටියදී බ්‍රහස්පතින්දා නිවෙසේදී මියගිය බවයි.

බිරිය නිවෙසේ මියගිය බව එම අවස්ථාවේදීම වල්ගම්වැව ග්‍රාම නිලධාරිවරයාට දුරකතනයෙන් අවස්ථා කිහිපයකදීම දැනුවත් කළ බවත් ග්‍රාම නිලධාරිවරයා නොපැමිණීම නිසාවෙන් මල් ශාලාවකට රැගෙන ගොස් මෘත දේහය එම්බාම් කර බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෘතදේහය නිවෙසට රැගෙන පැමිණි බැව් මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන එම්.ජී. අබේරත්න මහතා පවසා ඇත.

(ඉනාමළුවේ තිලක විජයසූරිය)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment