ඉතාලියේ රිය පදවන්න ලංකාවේ රියදුරු බලපත වලංගුයි


පසුගිය 14 වනදා  ඉතාලිය සහ ශ්‍රී ලංකාව ඉතාලියේදී අත්සන් කළ අන්‍යොන්‍ය සහයෝගිතා ගිවිසුමක් නිසා මින් ඉදිරියට ඉතාලියේදී රියපැදවිමට එරටදී ලබාගත් රියදුරු බලපතක් හෝ ජාත්‍යන්තර
බලපතක් අවශ්‍ය නොවන අතර

ඒ සඳහා ලංකාවේ රියදුරු බලපතම පාවිච්චි කිරිමට ඉඩකඩ සැලසී ඇත.
ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති දයා පැල්පොල මහතා මේ වෙනුවෙන් කටයුතු කර ඇති අතර ඔහු එරට  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සමග මෙම ගිවිසුමට එළැඹ ඇත.
තානාපති කාර්යාලය දන්වන්නේ මෙම පහසුකම නිසා ඉතාලියේ වාසය කරන ලංකාවේ 11000 කට ආසන්න පිරිසකට විශාල සහනයක් අත්වන බවය.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment