චාවකච්චේරි අනතුරින් මියගිය සිංහලයන්ට දමිළයන් ගෞරව දැක්වූ හැටි


චාවකච්චේරි අනතුරින් මියගිය සිංහලයන්ට
ඉටිපන්දම් පත්තු කර
අසල්වැසි දමිළයන් ගෞරව දැක්වූ හැටි


පසුගියදා රටම කම්පාවට පත් කරවමින් යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේදී 11 දෙනෙකු මරණයට පත් කළ දරුණු රිය අනතුර නිසා හොරණ මිල්ලනිය ගම්මානයම
එකම මළගමක් බවට පත්වුණා.
මෙම අනතුරේදී මියගිය අය සියල්ලන් සිංහල බෞද්ධයන් වූ අතර ඔවුන් ගමන් කරමින් සිටියේ නාගදීපයේ බෞද්ධාගමික වන්දනාවකටය.
මේ අතර මෙම සිද්ධිය අවස්ථාවේ මළ සිරුරු හා තුවාල කරුවන් බේරාගැනීමේ මහජන මෙහෙයුම ජාතිභේදයකින් තොරව සිදුවූ බවත් අසළ සිටි ද්‍රවිඩ ජාතිකයින්ගේ කරමතින් අනතුරට පත්වූවන් රෝහල් ගතවූ ආකාරයත් මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ සමගම මෙම ඡායාරූප වලින් දැක්වෙන්නේ මෙම සිදුවීම පසුපස දිවෙන අපූරු මනුෂ්‍යත්වයේ ළබැඳියාව නිරූපණය කරමින් චාවාකච්චේරිය සංකතාන අනතුරෙන් මියගිය සිංහල ජනතාවට අනතුර සිදුවූ ස්ථානයේ ඉටිපන්දම් පත්තුකරමන් අවසන් ගෞරව දක්වන  සංකතාන ප්‍රදේශයේ දමිළ ජනතාවයි.





Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment