මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම්ට ලඟදීම මන්ත්‍රී ධූරයක් 

මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම්ට ලඟදීම මන්ත්‍රී ධූරයක් 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස එම කොංග්‍රසයේ මහ ලේකම් එම්.ටී. හසන් අලි මහතා ලබන ජනවාරි 09 වැනිදා දිවුරුම් දෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

හසන් අලි මහතාට මන්ත්‍රීධූරය ලබා දීම සඳහා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ එම්.එච්. සල්මාන් මහතා  මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන ජනවාරි මස පැවැත්වීමට නියමිත මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ මහ සම්මේලනයේදී පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් හසන් අලි මහතා පත් කර ගන්නා බවත් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් ලබා දීමට ද සූදානමින් සිටින බවත් මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා මහනුවර පැවැති රැස්වීමකදී සඳහන් කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment