ළමා රෝග සදහා ප්‍රතිකාර කිරීමේ වයස් සීමාවේ වෙනසක්

ළමා රෝග සදහා ප්‍රතිකාර කිරීමේ වයස් සීමාවේ වෙනසක්

ළමා රෝග සදහා ප්‍රතිකාර කිරීමේ වයස් සීමාව අවුරුදු 14 සිට අවුරුදු 16 දක්වා වැඩි කිරිමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යෝජනා කර තිබේ.

ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස පත් වූ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් කොළඹ දී පසුගියදා පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා “දැනට ළමා රෝහලට ඇතුලුවන වයස අවුරුදු 14 අඩු දරුවන් සදහා පමණයි ප්‍රතිකාර ලබාදෙන්නේ. එම වයස් සීමාව අවුරුදු 16 දක්වා වැඩි කිරීමට මම යෝජනා කරනවා. ඒ සදහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ද සහයෝගය මම බලාපොරොත්තු වෙනවා. ඩෙංගු රෝගය මර්දනය කිරිම සදහා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා දක්ෂයෙක්. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නව ගොඩනැගිල්ල රුපියල් මිලියන 500 ක මුදලක් වැයකරමින් දින 52 ක් තුල ඉදිකර අවසන් කෙරුනා. ඒ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුවයි. නැතිනම් මෙම ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා රුපියල් බිලියන 09 ක මුදලක් වැය කිරීමට සැළසුම් කර තිබුනා. මෙමගින් ද මම සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ඉතිරි කර දී තිබෙනවා.“ 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment