ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන ලේකම්වරයෙක් හෙළිකරයි

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන ලේකම්වරයෙක් හෙළිකරයි

2017 ජනවාරි 26 වැනිදාට පෙර ජනාධිපතිවරයා මිය යන බවට පළවූ අනාවැකිය පිටුපස ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බැලූ බැල්මට තහවුරු වන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් නීතිඥ නිමල් ‍බෝපගේ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අද(20)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

එබැවින් ජනාධිපතිවරයාට තර්ජනයක් ඇති බව තමන් පිළිගන්නා බැවින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන මෙන් තමන් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කරමින් ඉල්ලා සිටි බව ලේකම්වරයා සඳහන් කළේය.

විජිත් රෝහණ විජයමුණි නමැති ජ්‍යේතීර්වේදියෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු විසින් තමන් මීට පෙරාතුව ප්‍රකාශයට පත් කළ අනාවැකි සියල්ල සත්‍යවී ඇති බවට ඒත්තු ගන්වා ඒ අයුරින්ම ජනාධිපතිවරයා ජනවාරි 26 දිනට පෙර කුමන ආකාරයෙන් හෝ මිය යන බවට කිසියම් "අනාවැකියක්" නිර්මාණය කොට සමාජ ජාල වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධියට පත්කොට ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ දැනට සමාජ ජාල වෙබ් අඩවියක පමණක් ප්‍රසිද්ධියට පත්වූ අනාවැකිය සම්බන්ධයෙන් ලේකම්වරයාගේ ප්‍රතිචාරය ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මගින් ප්‍රචාරය වන විට ඊට අදාළ අනාවැකියට යළිත් ප්‍රධාන ධාරාව තුළ පවා ප්‍රසිද්ධියක් ලැබෙන බැවින් එක සුදුසුද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් ලේකම්වරයා සඳහන් කළේ පළමුව සමාජ ජාල හා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්ති පසුව ප්‍රධාන ධාරාවට එකතුවන බව හා ඒ වනවිටත් සිදුවිය හැකි හානිය සිදුව ඇති බැවින් තමන් මේ පිළිබඳ රටට කියන්නට කල්පනා කළ බවයි.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment