මහින්ද-ලසන්ත රහස් හඬපටයක් පිටවේ.. හෙලි නොවූ රහස් රැසකට පිලිතුරු ලබේ..

ලසන්ත හා මහින්ද අතර සංවාද හඬපටය තුළ ලසන්ත මහින්දගේ දුබලතාවක් ද පෙන්වා දෙයි. එනම් මහින්ද දුෂිතයින් පිළිබඳ ප්‍රමාණවත් අවධායනක් යොමු නොකිරීම ය. 

එහෙත් මහින්ද එසේ කිරීමට සූදානම් සිටිය ද ඔහුට ඒවාට එරෙහි ව කටයුතු කිරීමට සාධක නොතිබීම ගැටළුවක් වූ බව සංවාදයෙන් තහවුරු වේ. මහින්ද ඉල්ලා සිටින්නේ හොරකම් කරන “පොඩි එකෙක් හරි අල්ලල දෙන්න” යනුවෙනි. ලසන්ත එසේ කිරීමට එකඟ වේ. තව ද මහින්ද දූෂණවලට සම්බන්ධ නැති බව ලසන්ත පවා දන්නා බව ඔවුන්ගේ සංවාදයෙන් පැහැදිළි ය. 

මහින්ද ද දූෂිත වූයේ නම් ලසන්ත කීයටවත් මහින්ද සමග දූෂණ ගැන කතා කරන්නේ නැත. අනෙත් කාරණය මාධ්‍ය නිදහස පිළිබඳ කාරණයයි. පුවත්පත් කතුවරුන්ට කෙලින්ම මහින්දට කතා කිරීමේ හැකියාව තිබුණි. විශේෂයෙන් ම සන්ඩේ ලීඩර් වැනි පුවත්පතක කතුවරයෙකුට පවා එම හැකියාව තිබුණා පමණක් නොව, මහින්ද එම පුවත්පත්වලින් කතා කරන විවේචන ගැන සතුටු වූ බව ද හෙළි වේ.

මෙම සංවාදයේ හොඳ ම කොටස ලෙස මා සලකන්නේ ඔවුන් දෙදෙනා අතර වූ ඉතා සමීප සම්බන්ධයයි. දෙදෙනා කලක් තිස්සේ අවංක ව නොයෙක් දේවල් ගැන අදහස් හුවමාරු කරගත් බව ද ඉන් පෙනේ. සරත් ෆොන්සේකා පිළිබඳ කතාවන කොටස ද ඉතා වැදගත් ය. දෙදෙනාට ම ඔහුගේ ක්‍රියා ගැන විවේචන තිබූ බව හෙළි වේ. ලසන්ත තම පුවත්පතේ ඒවා ලියූ බව ද සංවාදයෙන් පෙනී යයි. එසේ නම් ලසන්තගේ මරණයට එම ලිවීම් බලපෑවේ ද?

ඊට අමතර ව ඒ වන විට තිබුණු ආර්ථික අර්බුදය පිළිබඳ මහින්ද කොතරම් ආතතියක සිටියේ ද යන්න ය. සංවාදය සිදුවන වසර 2008 විය. ලසන්ත කියන්නේ “බලන්න ලෝක වෙළඳපළේ තෙල් මිළ අදත් ගිහිල්ලා නෙ” කියා ය. මහින්ද ඊට ප්‍රතිචාර ලෙස “ඔව් 150ට 200ටත් යන්න පුළුවන් කියලයි දැන් කියන්නෙ. මහින්ද ඊට ම එකතු කරන්නෙ “බලන්නකො දැන් හෙජ් කරන්නත් බැහැ නෙ” යනුවෙනි.

මහින්ද ඉහත කියක කාරණය වැදගත් ය. හෙජ් යනුවෙන් මහින්ද එහි දී අදහස් කරන්නෙ හෙජිං ගිවිසුම් ගැන ය. මෙය වැදගත් වන්නේ හෙජිං ගිවිසුම පිළිබඳ දැනුදු ලංකාවේ බොහෝ මිථ්‍යා මත පැතිර ඇති හෙයිනි. හෙජිං ගිවිසුමක් යනු අසීමිත ව ඉහළ යන භාණ්ඩයක් හෝ පොලියක් වෙනුවෙන් කිසියම් පාර්ශවයක් වෙනත් පාර්ශවයක් වෙනුවෙන් ඇප වීම ය. ඉහළ යන තෙල් මිල වෙනුවෙන් ඒ මොහොතේ ජාත්‍යන්තර බැංකු කීපයක් ලංකාව වෙනුවෙන් ඇප විය. 


කෙසේ වෙතත්, කිසිසේත්ම කලින් අනුමාන කළ නොහැකි ලෙස පසුව සිදු වූයේ ඇමරිකානු ආර්ථික අර්බුදය හටගෙන එය ලොව පුරා පැතිර යාමෙන් ලොව බොහෝ රටවල ආර්ථික වර්ධනයන් පහළ ගියේ ය. ලෝක බැංකුවට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවා එම අර්බුදය අනුමාන කල නොහැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන සඳහා වන ඉල්ලුම අඩු වී එහි මිල සීඝ්‍ර ලෙස පහළ යෑමට පටන් ගන්නේ ය. 

කෙනෙකු කියන්නේ හෙජිං ගිවිසුම ලංකාට අවාසි සහගත බව ය. එහෙත් දිනපතා ඉහළ ගිය බොරතෙල් මිල අසලකවත් නොතිබූ ආර්ථික අර්බුදයක් පැමිණ සියයට සියයක් ආපහු කැරකේ යැයි කෙසේ නම් අනුමාන කරන්න ද?

වීඩියෝ කියන තවත් කාරණයකි. එනම් ඒ වන විට පැවති තත්වයට මුහුණ දීම සඳහා මහින්ද රජය විසින් හඳුන්වා දුන් “අපි වවමු රට නගමු” වැඩපිළිවෙළ ය. නැග තිබූ ලෝක භාණ්ඩ මිළ හමුවේ එම වැඩසටහන ජනතාවට විශාල සහනයක් වී ඇති බව ලසන්තගේ ද පිළිගැනීමට ලක් වේ.

හඬපටය – ශ‍්‍රී ලංකා මිරර්
– මහින්ද පතිරණ FB


 
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment