UN එක කියන්නේ නිතර විනෝද උත්සව පවත්වන කමකට නැති ක්ලබ් එකක් - ට්‍රම්ප්ගෙන් විවේචන


ලබන 20 වනදා සිට ඇමරිකානු ජනපති පදවිය භාරගන්නට සූදානමින් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත්
ජාතීන්ගේ සංවිධානය විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කිරීම නිසා ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.
ඔහු පසුගියදා සිය ට්වීටර් ගිණුටෙමන් පවසා ඇත්තේ

‘එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලෝකය වෙනුවෙන් කාර්ය බාර රැසක් සිදු කිරීමේ විශිෂ්ට හැකියාවක් ඇති නමුත් මේ කාලයේ හැසිරෙන්නේ එකිනෙකා සමග විනෝද වෙමින්  සුහද හමු පවත්වමින් පවත්වාගෙන යන ක්ලබ් එකක් ලෙස පමණි.‘
ලෙසිනි.
ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ආසන්න හේතුව බවට පත්ව ඇත්තේ පලස්තීනයේ නව ඉදිකිරීම් නැවතීම සම්බන්ධයෙන් එජා සංවිධානය ළඟදී ගෙන තිබුණ තීරණයක් බවද වාර්තාවේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment