ශ‍්‍රී පාද අඩවියේ අතුරුදන් වූවන් සෙවූ ගුවන් හමුදා මෙහෙයුම (VIDEO)

ශ‍්‍රී පාද අඩවියේ අතුරුදන් වූවන් සෙවූ ගුවන් හමුදා මෙහෙයුම (VIDEO)

ශ‍්‍රී පාද රක්‍ෂිතයේ සප්ත කන්‍යා කදුවැටියේ අලි බැලීමට ගොස් අතුරුදන් වූ  පුද්ගලයන් පස්දෙනා බේරාගැනීම සඳහා ගුවන් හමුදාවද සිය සක්‍රිය දායකත්වය ලබාදුන්නේය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරේ පිහිටි බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඊයේ (13) සවස 4.00 ට පමණ ගුවන් හමුදා ජීවිතාරක්‍ෂක භටයන් කණ්ඩායමක්ද සමගින් මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව තිබිණි.

අධික මීදුමත්, ගණ වනාන්තර වැස්මත් යන දෙකෙන්ම ආවරණය වී තිබියදී පවා අධික වෙහෙසක් සහ දැඩි කැපවීමකින් යුතුව බෙල් 412 හෙලිකොප්ටර් යානා කාර්යමණ්ඩලය අඳුර වැටීමට පෙරාතුව අතුරුදන් වූවන් සිටින ස්ථානය සොයාගැනීමට සමත් වූ බවද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment