ශ්‍රීලනිප සභාපතිධූරය මහින්දට ඉල්ලයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එහි සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිම නිතිවිරෝධි බවත් එම සභාපතිත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවත් සඳහන් කරමින් කොළඹ දිසා අධිකරණයේ ශ්‍රීලනිප සම කාරක සභා සභිකයන් වන අරුණ ප්‍රියශාන්ත, අසංක ශ්‍රිනාත් යන අය ගොනු කර තිබු නඩුව අද (14) විභාගයට ගැණිනි.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා, හිටපු  මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ මැතිවරණ කොමසාරිස්වරයා විරෝධතා ගොනු කළහ.

නඩුව පෙබරවාරි 20 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ දිසා විනිසුරු සනත් ජේ. මොරවක නියෝග කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment