හම්බන්තොට ජනතාව පාරට බසියි

හම්බන්තොට ජනතාව පාරට බසියි

තම ප්‍රදේශයේ ඉඩම් චීන ආයෝජන සඳහා ලබානොදෙන ලෙස ඉල්ලමින් හම්බන්තොට ප්‍රදේශයේ පිරිසක් විසින් සිදුකරනු ලබන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් තිස්ස-මාතර ප්‍රධාන මාර්ගය මිරිජ්ජවිල අලුත්පාර හංදිය අවහිර වී තිබේ.

හම්බන්තොට ඉඩම් චීන ආයෝජකයින්ට ලබාදීමට එරෙහිව ‘හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව‘ අද (14) මිරිජ්ජවිල මංසන්ධියේ විරෝධතාවයක් ඇරඹීය.

සංඝරත්නය, කාන්තාවන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටිති. එම ස්ථානයට මේ වනවිට පොලිස් නිලධාන්ද කැඳවා ඇත.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment